දේශීය පුවත්

කොවිඩ් එන්නත් මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජය රුපියල් කෝටි එක්දහස් පන්සිය හතළිස් හයක පමණ මුදලක් මේ දක්වා වැය කර ඇති බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා
නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එන්නත් ප්‍රමාණය අසූ හත් ලක්ෂ අනූ පන් දහස් අට සිය තිහක් රජය මේ දක්වා මිලදී ගෙන ඇත.

මෙයට අමතරව එන්නත් තිස් තුන් ලක්ෂ හැට හතර දහස් එක සියයක් මෙරටට ප්‍රදාන වශයෙන් ලැබී ඇත .

මේ අනුව මෙරටට මේ දක්වා ලැබී ඇති මුළු එන්නත් ප්‍රමාණය එක්කෝටි විසි එක් ලක්ෂ පනස් නව දහසක් වේ.

• සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ අනූ එකක්
• මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ පහළොවක්
• ඇස්ට්‍රාසෙනිකා එන්නතේ මාත්‍රා දොළොස් ලක්ෂ හැට හතර දහසක්
• ස්පුට්නික් V එන්නත් මාත්‍රා එක්ලක්ෂ අසූදහසක්
• ෆයිසර් එන්නත් මාත්‍රා එක්ලක්ෂ පහළොස් දහස් අටසිය තිහක්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More