දේශීය පුවත්

ජ්‍යේෂ්ඨ නිතීඥ කල්‍යාණන්ද තිරාණගම මහතා රචිත “කළණවත හෙවත් තවමත් හමුනොවූ සාධාරණය සොයා” කෘතිය (26) අරලියගහ මන්දිරයේ දී මා වෙත ප්‍රදානය කළේ ය.
පොලිස් කූඩු, හිර ගෙවල්, අධිකරණ ශාලා හා ජනතා වේදිකා හරහා ගිය ගමනේ කල්‍යාණන්ද තිරාණගම මහතා විසින් උකහාගත් ජීවන අත්දැකීම් පාදක කොට ගෙන මෙම කෘතිය රචනා කර තිබේ.

මෙහි දී විශේෂ අනුශාසනාවක් පැවැත් වූ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙසේ ද පැවසූහ.
“ලංකාවේ ඉතිහාසය ලියලා තියෙන්නේ දේශපාලනය සම්බන්ධව, අපිට එය කියන්න පුළුවන් ඉතිහාසයේ රාජකීය ඉතිහාසය කියලා. මහාවංශය ලියලා තියෙන්නෙත් රජවරුන්ගේ ඉතිහාසය ගැන.
ඊට අමතරව අපේ රටේ ගොවිතැන, ඉදිකිරීම් ශිල්පය, භෞතික සම්පත්, ඇඳුම් පැළඳුම් ආදිය පිළිබඳ ලියවිලා නැහැ.

මෙම කෘතිය ලංකාවේ ඉතිහාසය ලිවීම සඳහා කරුණු සම්පාදනය කර ගත හැකි කෘතියක් ලෙස හැඳින්විය හැකියි.”
පුජ්‍ය කොටපොළ අමරකිත්ති නාහිමි, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කොට වදාළහ.

අමාත්‍යවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන සහ ආචාර්ය ගුණදාස අමරසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More