අරලිය ගහ මන්දිරයේ පැවැත්වීමට නියමිත උත්සවයක් වෙනුවෙන් රුපියල මිලියන ගණනක වියදම් ඇස්තමේන්තුවක් පෙන්වා ඇති පිරිවෙන් අධ්‍යයක්ෂක කාර්යාලයේ එක්තරා හිමි නමක් විසින් එම වියදම් පියවා ගැනීම වෙනුවෙන් එම උත්සවයට සහභාගි වීමට නියමිත පිරිවෙන් වලින් ලක්ෂ ගණනින් මුදල් අයකිරීමට කටයුතු කරමින් සිටින බව අප වෙත වාර්තාවේ.
මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ එක්තරා දුෂ්කර පිරිවෙනක පිරිවෙනාධිපති ස්වාමින් වහන්සේ නමක් පවසා සිටියේ දැඩි දුෂ්කර කොන්දේසි යටතේ පවත්වා ගෙන යන තමන්වහන්සේ අධිපතිත්වය දරණ පිරිවෙනට එතරම් මුදලක් පියවා ගැනීම වෙනුවෙන් දායකත්වය දැරීම කිසිසේත් කළ නොහැකි බවයි.
එහිදී උන් වහන්සේ පවසා සිටියේ යහපාලන ආණ්ඩුව කාලයේ නම් අරලියගහ මන්දිරයේ ශාලවක් මංගල උත්සව සඳහා විකිණූ බවට පුවත් පළ වූ බවත් තමන් වහන්සේලා දායක වී පිහිටවූ ආණ්ඩුවේ අගමැතිවරයාගේ නිල නිවසේ පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් දුප්පත් පිරිවෙන් වලින් මුදල් අයකිරීමට පිරිවෙන් අධ්‍යයක්ෂක කාර්යාලය මගින් බලපෑම් කිරීම කනගාටුවට කරුණක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...