දේශීය පුවත්

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර වාට්ටුවෙන් පැන ගිය ආසාදිතයා පොලිසිය විසින් සොයා ගෙන යළිත් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට භාර දුන් බව නාවලපිටිය කුරුදුවත්ත පොලිසිය පවසයි.

මොහු පස්බාගේ කොරලේ සෞඛය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛය පරීක්ෂකවරුන් විසින් කුරුදුවත්ත නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර තිබු නාවලපිටිය කුරුදුවත්ත ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි.

එම පුද්ගලයා සසුගිය 20 වන දා එලෙස නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමුකර තිබුණි.

කෙසේ නමුත් රෝගය උත්සන්න වීම නිසා අදාළ පුද්ගලයා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකට ඇතුලත් කිරිමෙන් පසු අද (25) උදෑසන එම වාට්ටුවෙන් පැන ගොස් ඇති බව පොලීසිය පවසයි.

අනතුරුව ආසාදිතයා බස් රථයකින් තම නිවස කරා යමින් සිටියදී කුරුදුවත්ත මේරිවල පොලිස් මුරපොලේදි අල්ලාගෙන නාවලපිටිය රෝහලට යොමු කර ඇත.

ඒ අනුව එම පුද්ගලයා ගමන් ගත් බස් රථයේ සමීපතම ආශ්‍රිතයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර තිබේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More