දේශීය පුවත්

මේ වනවිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මුදල් සංශෝධන පනත් කෙටුම්පත ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නිගමනය කරන ලෙස හා එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයකින් පමණක් නොව ජනමත විචාරණයකින් ද සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා  22 දා ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ගොනු කළේය.

නීතිඥ සුනිල් වටගල මහතා මගින් ගොනුකරන ලද එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබිණි.

මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති එම මුදල් පනත් කෙටුම්පතේ සැබෑ අරමුණ වනුයේ යම් යම් පුද්ගලයන් විසින් නීති විරෝධී ලෙස උපයාගෙන ඇති මුදල් නීත්‍යනුකූල මුදල් බවට පත්කර ආයෝජනය කිරීමට ඉඩ ප‍්‍රස්ථා සලසාදීම වන්නේ යැයි ද පෙත්සම්කරු සිය පෙත්සම මගින් අධිකරණයට දන්වා තිබිණි.

එකී ක‍්‍රියාවලියේදී රටේ ක‍්‍රියාත්මක මුදල් රෙගුලාසි මෙන්ම දේශීය ආදායම් බදු පනත වැනි අණ පනත් දැඩි ලෙස උල්ලංඝනය වන්නේ යැයි ද සිය පෙත්සම මගින් දන්වා ඇති පෙත්සම්කරු එමගින් සෑම දෙනාම නීතිය හමුවේ සමාන ලෙස සැලකුම් ලැබිය යුතු යැයි කියන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් හිමිකර දී ඇති මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ යැයි ද දන්වා තිබිණි.

එලෙස නීති විරෝධී ලෙස උපයාගෙන ඇති මුදලින් සියයට එකක් වැනි සුළු බදු මුදලක් රජයට ගෙවා නීත්‍යනුකූල මුදල් බවට පරිවර්තනය කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථා ලබාදෙන එම පනත් කෙටුම්පත ඉතා භයානක පනත් කෙටුම්පතක් වන්නේ යැයි ද සිය පෙත්සම මගින් සඳහන් කර ඇති පෙත්සම්කරු රටේ ආර්ථිකය සවිමත් කිරීමේ මුවාවෙන් ඉදිරිපත් කොට ඇති එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී පමණක් නොව ජනතා අධිකරණය හමුවේදී ද සම්මත කළ යුතු බවට නිගමනය කරන ලෙසත් ඉල්ලා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More