ගුරු විදුහල්පති වෘත්තීය සමිති වැටුප් වැඩිකරන ලෙස කරන ලද ඉල්ලීම්වලට විසඳුමක් ලබාදිය හැක්කේ කැබිනට් මණ්ඩලයට යැයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා 22දා පැවසීය.
වසර 20 කට වැඩි කාලයක සිට පවතින මෙම ගැටලූවට විසඳුමක් ලබාගැනීම සඳහා අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විසින් ලබන සඳුදා 26දා කැබිනට් මණ්ඩලයට කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා කීය.
එහිදී ගනු ලබන තීරණය අනුව ඉදිරි කටයුතු කරගෙන යෑමට හැකි බවත් වැටුප් විෂමතා ඉවත් කිරීම වැනි ගැටලූවලට අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට තනිව ස්ථිර විසඳුමක් ලබාදිය නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.
අධ්‍යාපන වෘත්තීය සමිති නායකයෙකු ඇතුළු කිහිපදෙනෙක් නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව එම පිරිස් ආරම්භ කළ විරෝධතාවය මේ වනවිට ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත් වීමේ සිට වෙනත් ඉල්ලීම් දක්වා වර්ධනය වී ඇති බවත් එයින් දැඩි අසාධාරණයක් සිදු වී තිබෙන්නේ පාසල් දරුවන්ට බවත් ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...