‘කාබනික ගොවිතැන සම්බන්ධ කටයුත්තට අද සම්බන්ධ කරගෙන ඉන්නේ කෘෂිකර්මාන්තයට ඝෘජුව සම්බන්ධ නොමැති විද්වතුන් පිරිසක්. ආණ්ඩුව කඩිනමින් කාබනික ගොවිතැනට යෑම ගැන අපි විරුද්ධයි. ලෝකයේ කිසිදු රටක් සියයට සියයක්ම කාබනික ගොවිතැන කරන්නේ නෑ. ගොවියාට කාබනික පොහොර බෙදීමෙන් පමණක් කාබනික ගොවිතැන සාර්ථක වන්නේ නෑ. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස කටයුතු කරමින් ජාත්‍යන්තරයේ විශ්වාසය දිනාගැනීමට මේ අයුරින් කටයුතු කිරීම මගින් සිදුවන්නේ අස්වැන්න අඩුවීමෙන් ගොවීන්ට සහණාධාර ලබාදීමට සිදුවීම පමණක් නොව පිටරටින් ආහාර ආනයනය කිරීමට සිදුවීමයි.
කාබනික පොහොර ගැන ආණ්ඩුවේ වැඩපිළිවෙළ අසාර්ථකයි. මේ සඳහා ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක නෑ. මේ තත්ත්වය මෙලෙස පැවතුණොත් ජනාධිපතිවරයාට තවත් වසර පහක් බලයේ ඉන්න ඡන්දය දෙන්න ගොවි ජනතාව සූදානම් නෑ. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ගොවි ජනතාව මර්දනය කිරීමට උත්සාහ කරනවා නම් ඊට විරුද්ධව ගොවි ජනතාව සමග අප අරගල කරනවා’
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් අරුණ දේශප්‍රිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...