දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වත්මන් සභාපති හඩ්සන් සමරසිංහ මහතා ගුවන් විදුලි නාලිකාවක් ඔස්සේ විකාශය කරන ලද වැඩසටහනකට එක්වෙමින් සංස්ථාව තුල සිදුව ඇති බරපතළ අක්‍රමිකතාවයන් ගණනාවක් හෙළිදරව් කරමින් සංස්ථාවේ දැඩි විවේචනයක් එල්ල කරයි.

එහිදී ඔහු පවසා සිටියේ සංස්ථාවේ නුසුදුස්සන් ගණනාවකටම දේශපාලන හා පුද්ගලික හිතවත්කම් මත උසස්වීම් ලබා දී ඇති බවත් එහිදී ගොළුවන්ට පවා නිවේදක තනතුරු ලබාදී ඇති බවත්ය.

කෙසේ වුවද විරුද්ධ දේශපාලන මත දරන දක්ෂ සේවකයින් කිසිවකුට උසස්වීම් ලබා දී නැති බවද ඔවුන්ගේ සේවය ස්ථිර කිරීම පවා කර නැති බවද එම වැඩසටහන තුලදී හඩ්සන් සමර්සිංහ මහතා චෝදනා කළේය.

මෙම තත්ත්වය මත ගුවන්විදුලි සංස්ථාව පාඩු පිට පාඩු ලබමින් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව පෙන්වා දෙන ඒ මහතා එම අනිසි පත්වීම් ලබා ගත් අය අදාළ වැටුප් වර්ධක බැසිල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ගන්නා ලෙසද ඔහු අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More