දේශීය පුවත්

අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කර ආනයනය කරන භාණ්ඩ වලට බදු අය කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව සලකා බලන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ලොව වෙනත් රටවල පවතින තත්ත්වයන්ද එහිදි සැළකිල්ලට යොමු කරන බවයි.

ඔන්ලයින් වෙළදාම තුළින් ගෙන්වන භාණ්ඩවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

විද්‍යුත් වාණිජ වෙළදාම වර්තමානයේදී සීග්‍ර ලෙස වර්ධනය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් මන්ත්‍රීවරයා මෙහිදී කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More