සහල් මිල රු 20කින් අඩු කළ යුතු බවට මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා අදහස් දක්වමින්, “බැසිල් ඇමති තුමා කියන්නේ තිබෙන පාලන මිල වන රුපියල් 98 ට වඩා රුපියල් 20කින් අඩු කළොත් එතුමත් ඉවරයි, රටත් ඉවරයි, ගොවියත් ඉවරයි. එතුමාට නිෂ්චිතව සහ අඩුම වශයෙන් ඊළඟ මැතිවරණයේදී ගොවීන්ගේ ඡන්ද ලක්ෂ 40ක් අඩුවෙන බව ගැනවත් අවබෝධයක් තිබෙනවා. එහෙත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ වැරදි උපදෙස් පිලිගන්නේ නැතිව ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම බේරාගන්න ක්‍රමයක් ගැන හිතුවොත්, දැන් වෙළෙඳ පොළේ නාඩු මිල වන රුපියල් 130න් රුපියල් 20ක් අඩු කරන්න ඒ කියන්නේ සහල් මිල රුපියල් 110 කරන්න මැජික් පොල්ලක් ඕන නැහැ. කරන්න තියෙන්නේ කාගෙන්වත් අහන්නේ නැතිව විශේෂයෙන්ම පී බී ජයසුන්දරගෙන් අහන්නේ නැතිව වී මිල රුපියල් 60ක් බවට පත් කර නාඩු රුපියල් 110ක් කරන එක. එවිට ගොවියා වගේම කුඩා වී මෝල් ශක්තිමත් වෙනවා. කුඩා වී මෝල් සමූහය ශක්තිමත් වුනහම මහා වී මෝල් හිමියන්ට අත්තනෝමතිකව කටයුතු කරන්නට බැහැ. අවසානයේදී පාරිභෝගිකයාටත් සාධාරණය ඉෂ්ඨ වෙනවා. ග්‍රාමීය ආර්ථිකයත් ශක්තිමත් වෙනවා.”යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...