බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් ඊයේ (20) පරාජයට පත්විය.
විශ්වාසභංගයට එරෙහිව මන්‍ත්‍රීවරු 152 දෙනෙක් ඡන්දය භාවිත කර තිබූ අතර, එම යෝජනාවට පක්ෂව ලැබුණේ ඡන්ද 61ක් පමණි.
මෙහිදී දක්නට ලැබුණු විශේෂත්වය වූයේ තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා ට එරෙහිව දිගින් දිගටම විවේචන සිදුකළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මන්ත්‍රීවරයාද විශ්වාසභංගයට එරෙහිව ඡන්දය පාවිචිචි කිරීමයි.
මේ අතර මන්ත්‍රීවරු 11 දෙනකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවට පැමිණ නොසිටි බව වාර්තාවේ.
සමගි ජන බලවේගය සමඟ එක්ව ද්‍රවිඩ ජාතික සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
පාර්ලිමේන්තුව ලබන අගෝස්තු 3 වනදා නැවත රැස්වීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...