මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින් තම දියණිය කිසිසේත්ම ගිනි තබාගෙන මිය ගිය නැති බවත් කිසිවකු විසින් හෝ තම දියණිය ඝාතනය කළ බවට විශ්වාස කරන බවත් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේ දී ගිනි ගැනීමට ලක්ව මියගිය බාල වයස්කාර දැරියගේ දෙමාපියන් පවසා සිටියහ.
එහිදී වැඩිදුරටහ් අදහස් දක්වමින් තමන් විසින් ගත් ණය මුදලක් ගෙවා දැමීමට නොහැකි වූ නිසා තම දියණිය ඒ මුදල උපයා ගැනීමට බදුර්දීන් හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට කැමැත්තෙන්ම ගිය බව ඇගේ මව පවසා සිටියාය.
බද්යුද්දීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී තම දියණියට පහර දී ඇති බවත් එය තම දියණිය විසින් තමනට දුරකථනයෙන් ඔස්සේ දැනුම් දුන් බවත් තමනට එහි සේවය කළ නොහැකි යයි දියණිය තමනට දැන්වූ බවත් ඇය මාධ්‍යය හමුවේදී අනාවරණය කළාය.
දැරියගේ පියා මාධ්‍යය හමුවට එක්වෙමින් පවසා සිටියේ තම දියණිය ගින්දරට ඉතා බිය බවත් කිසිසේත්ම ඇය ගිනි තබාගෙන දිවි නසා ගන්නෙ නැති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...