පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ආරක්ෂක අංශයේ නිලධාරීන් 45 දෙනෙකු අතරින් 40 දෙනෙකුටම කොවිඩ් ආසාදනය වී ඇති බව පළාත් සෞඛ්‍ය අංශ පවසනවා.
කොවිඩ් ආසාදනය වූ 40 දෙනා අතරින් 11 දෙනෙකුම කාන්තාවන් බවත් ඔවුන් මේ වනවිට පැණිදෙනිය කොවිඩ් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකළ බව සඳහන්.
එමෙන්ම අනිත් ආරක්ෂක නිලධාරීන් නාවලපිටිය, කුරුඳුවත්ත සහ තෙල්දෙණිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා.
පේරාදෙණිය රෝහලේ ආරක්ෂක කටයුතු සඳහා මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු කණ්ඩායමක් තාවකාලිකව යොදවා තිබෙන අතර කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් නිවෙස්තුලම නිරෝධායනයට යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...