ගෑස් සමාගම් විසින් වෙළඳ පොළට අලුතින් හඳුන්වා දෙන ලද ලීටර් 18 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1150 දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ සඳහා වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබී තිබේ .
මෙම නව ගෑස් සිලින්ඩරය වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබුවේ රුපියල් 1395 ක මිලකට ය .
කිලෝ ග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1495 කට තිබියදී ලිටර්18 ගෑස් සිලින්ඩරය රුපියල්1395 ක මිලකට අලෙවි කිරීම අසාධාරණ බව වෙළෙඳ ඇමැතිවරයා පෙන්වා දී ඇත.
මේ අතර නව ගෑස් සිලින්ඩරයේ ගෑස් ප්‍රමාණය කිලෝග්‍රෑම් වලින් සටහන් කිරීමට ද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇත .
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...