දේශීය පුවත්

විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා බෞද්ධ කටයුතු උපදේශන සභාව හමුවේ කළ ප්‍රකාශය බරපතළ සහ භයානක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ගොඩනැගෙන දැවැන්ත ශක්තිය හේතුවෙන් එය හකුලා ගත් රජය වෙනත් ආකාරයකින් විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කරන බවත් ඉතිහාසය පුරාම විවිධ රජයන් ආකාර දෙකකින් විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කළ බවත් පුබුදු ජාගොඩ මහතා පැවසීය.

1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පෞද්ගලික විශ්ව විද්‍යාල පාලනයට සහ නියාමනයට නීති සැකසීම එක ක්‍රමයක් යැයි කී ජාගොඩ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තර වෙනත් ව්‍යුහයක් නිර්මාණය කර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම දෙවැනි ක්‍රමය බවත් පැවසීය.

2002 වසරේ සිට මෙම වසර දක්වා බලයට පත්වූ විවිධ රජයන් විද්‍යාල පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කළ බවත් ජනාධිපතිවරයා කළ යුත්තේ විවිධ මත පළ කිරීම වෙනුවට විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරනවාද නැද්ද යන්න පිළිබඳව ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කිරීම බවත් ඡාගොඩ මහතා කීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More