ඔන්ලයින් ඉගැන්වීම් වර්ජනයේ නිරත ගුරු හා විදුහල්පති සංගම් වල නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් අතර සාකච්ඡාවක් හෙට පැවැත්වීමට නියමිතයි.
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ මෙම සාකච්ඡාව මගින් ද සිය ගැටලු වලට විසදුම් නොලැබෙන්නේ නම් ලබන බ්‍රහස්පතින්දා කොළඹදී විරෝධතාවක් පැවැත්වීමටද සැලසුම් කර ඇති බවයි.
වැටුප් විෂමතා ඇතුලු ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු හා විදුහල්පති සංගම් කිහිපයක් ආරම්භ කර ඇති ඔන්ලයින් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද 8 වන දිනටත් ක්‍රියාත්මකයි.
මේ අතර පදනම් විරහිත ලෙස නිසි ක්‍රමවේදයකින් තොරව තමන් ඇතුළු ගුරු සංගම් නියෝජිතයන් බලහත්කාරයෙන් නිරෝධායනයට යොමු කරවීම සඳහා ලිපියක් නිකුත් කළ බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් තමන් වෙත කරන ලද අපහාසය වෙනුවෙන් රුපියල් මිලියන පහක වන්දියක් ඉල්ලා එන්තරවාසියකක් යැවූ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
මෙම වන්දිය නොගෙවුවහොත් ඊට අදාළ නෛතික පියවර ගැනීමට තමන් පසුබට නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...