දේශීය පුවත්

යාපනය පේදුරුතුඩුව වඩමාරච්චි ප්‍රදේශයේ කොරෝනා වෛරසය වැළඳුනු ව්‍යාපාරිකයින් 06 දෙනෙකු ප්‍රදේශයෙන් අතුරුදහන් වී ඇති බවට යාපනය සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

අදාල ව්‍යාපාරිකයින් පී.සී.ආර් පරික්ෂණ යාපනය විශ්වවිදයාල රසායනාගාරයේදී සිදුකිරීමේදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඒ පිළිබඳව අදාල ව්‍යාපාරකයින්ට දැනුම් දීම සඳහා සෞඛ්‍ය නිලධාරීන් විසින් ව්‍යාපාරික ස්ථාන වෙතට ගියද ව්‍යාපාරිකයින් සිට නොමැත.

කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අදාල ව්‍යාපාරිකයින් සැඟව සිටින බවටත් ඔවුන්ගෙන් ප්‍රවේශම් වන ලෙසට ද සෞඛ්‍ය නිලධාරීන් විසින් ජනතාවට දැනුම් දෙනු ලැබීය.
මෙලෙස අතුරුදහන්ව ඇත්තේ අම්පාර සහ කල්මුනේ ප්‍රදේශයන්හි සිට පේදුරුතුඩුවට ව්‍යාපාර සඳහා පැමිණි පිරිසක් බවටද සෞඛ්‍ය නිලධාරීන්ට තොරතුරු ලැබී ඇති හෙයින් අදාල පරිස් සොයා පුළුල් පරික්ෂණයක් ආරම්භ කොට ඇති බවට ද යාපනය සෞඛ්‍ය නිලදාරී කාර්යාලය වැඩිදුරටත් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More