පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සේවකයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීම නිසා එහි සියලුම සේවකයන් කොරෝනා පරීක්ෂණවලට යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.
මේ තත්ත්වය නිසා මුළුතැන්ගෙය තාවකාලිකව වසා ඇතැයි වාර්තා වනවා.
කෙසේ වෙතත් මුලුතැන්ගෙය අද දින නැවතත් විවෘත කිරීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසුවේ මේ තත්වය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මුළුතැන්ගෙයින් ආහාර සැපයීම ද සිදු නොකෙරුණු බවයි.
මේ අතර පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයි සේවකයන් පස් දෙනකුට පමණ පසුගිය දිනවල කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ආසාදිත සේවකයකු හමුවී ඇතත් මේ වනවිට කොරෝනා අවදානම් තත්වය පහව ගොස් ඇති බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කොරෝනා පරීක්ෂණවලට අද (19) යොමු කරවන බව පැවසූ වේත්‍රධාරිවරයා කැමතිනම් පමණක් මන්ත්‍රීවරුන්ට ඒ සඳහා යොමු විය හැකි බවද ප්‍රකාශ කළා.a
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...