සයිනෝවැක්ස් එන්නත මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීමට විරෝධය පා විශේෂඥ කමිටුවෙන් ඉවත් වු වෛද්‍යවරුන් වන කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව් පිරිස්, එම වෛද්‍ය පර්යේෂණායතනයේම වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ ඖෂධවේදය සම්බන්ධ මහාචාර්ය චන්න රණසිංහ යන තිදෙනාම සයිනෝෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගෙන්වීමේදී බරපතල ලෙස විරුද්ධ වූවන් බව විශේෂඥ වෛද්‍යයවරු පිරිසක් ලංකා ලීඩ් වෙත අදහස් දක්වමින් පවසා සිටියෝය.
එහිදී එම විශේෂඥ වෛද්‍යයවරු පවසා සිටියේ එන්නත් මාත්‍රා මිලියන 13ක්ම ලබා ගන්නේද යන්න නිෂ්චිත නැති වුවත් එම එන්නත් මාත්‍රා එකක් හෝ ලබා ගැනීමට ඔවුන් විරුද්ධ වීම අරුමයක් නොවන බවයි. මොවුන් තිදෙනාගෙන් විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර මහත්මිය සයිනෝෆාම් එන්නත ගෙන්විය යුතුවත් නැතැයි ලිඛිතව ජාතික ඖෂධ නියාමන අධිකාරියට දන්වා සිටි පුද්ගලයෙක් බවත් එම විශ්ෂඥ වෛද්‍යයවරු අවධාරණය කළෝය. එහිදී ඔවුන් පෙන්වා දුන්නේ මෙම කණ්ඩායමේ විරෝධතාවය නිසා ජනතාවට සයිනෝෆාම් එන්නත ලබා දීමට පමා වීම මගින් කොවිඩ් වෛරසය ආසදනයෙන් මියගිය සිය ගණනකගේ ජීවිත බේරා ගැනීමට තිබූ අවස්ථාව ගිලිහී ගිය බවයි.
එක්තරා ආකාරයකට මෙම කණ්ඩායම මාෆියා කල්ලියක් ආකාරයට හැසිරෙනවාදැයි කෙනෙකුට සැක හිතෙන මට්ටමට ඔවුන්ගේ හැසිරීම සයිනොවැක්ස් එන්නත සම්බන්ධයෙන් ක්‍රියා කරණ ආකාරයෙන් පෙනී යන්නේ යැයි ඔවුහු පවසා සිටියෝය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
This is a serious revelation of virology mafia, a definite setback to pandemic control, since main Government supply lines, managed by politically affiliated constellation. Example Health Ministry is led by a person, has no knowledge of medicine or health, has no clue of what is happening behind the curtain. The result is negligence at cost of human lives. As per this column, these so called medical Specialist had prevented saving lives by allowing vaccination gifted by China, the question is what action is taken to avoid repetition. These Officers surely spooks of an another western multinational manufacture acting on their proxy. We see EU and West, preventing Russian and Chinese Covid vaccinated, visiting for studying or working in their countries. Nevertheless, inoculation in our country is under efficient management over 300,000 daily vaccinated due to the skills and competencies of Security officials and patriotic medical staff of the country. It’s a relief as managed by a physician by profession, holding MBBS, PhD and FRCP Edin. We never forget the Commander of the security forces, for his courage, reliability and success.