කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට(19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය නිවේදනය කරනවා.
එම මාර්ගයෙහි එක් රථවාහන තීරුවක දැනට ආරම්භ කර ඇති තාවකාලික මාර්ග සංවර්ධන වැඩබිමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව, රොටුන්ඩා මංසන්ධියෙන් ආරම්භ වන උත්තරානන්ද මාවතේ වාහන ධාවනය කළ හැක්කේ අබ්දුල් මාකන් මාකර් මාවත දෙසට පමණි.
කිසිදු හේතුවක් මත අබ්දුල් මාකන් මාකර් මාවතෙන් රථ වාහන උත්තරානන්ද මාවතට ඇතුළු කිරීමට අවසර දෙනු නොලැබේ
සර් ජේම්ස් පීරිස් මාවතෙන් පෙරහර මාවතට ඇතුළු වන වාහනවලට රොටුන්ඩා වට රවුම දෙසට ධාවනය කළ නොහැකි අතර උත්තරානන්ද මාවතෙන් දකුණට ගමන් කොට අබ්දුල් මාකර් මාවතට පිවිසීමට හැකියි.
ගාලු පාරේ සිට රොටුන්ඩා වට රවුම දක්වා දිවෙන වාහන ධාවනය කළ හැක්කේ ගාලු පාරේ සිට රොටුන්ඩා වට රවුම දක්වා එක් දිශාවලකට පමණක් බව ද පොලීසිය නිවේදනය කළා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...