දේශීය පුවත්

කොවිඩ් වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වන දැනට අනුමත අඩුම සාර්ථකත්වය සහිත සහ ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන බවට විද්‍යාත්මක ව තහවුරු නොවූ එන්නතක් ලෙස සැලකෙන සයිනෝවැක් චීන එන්නතෙන් මාත්‍රා මිලියන 13ක් ලබා ගැනීමට විරෝධය පළ කරමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ එන්නත් ඇගයීමේ විශේෂඥ වෛද්‍ය කමිටුවේ සාමාජිකයන් තිදෙනකු ඊයේ (17) ඉවත්ව ඇති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම එන්නත අනුමත කරන ලෙස ප්‍රබල පුද්ගලයන් තිදෙනකු වෙතින් අදාළ විශේෂඥ කමිටුවට කරන ලද දැඩි බලපෑම හමුවේ එන්නත් මිලියන දෙකක් පමණක් හදිසි භාවිතයට ගෙන්වන ලෙසට වූ එකඟතාව බිඳිමින් මෙම එන්නතින් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට උත්සාහ කිරීම මත ඔවුන් මෙම කමිටුවෙන් ඉවත්ව ඇති බව වාර්තා වෙයි.

වාර්තා වන අන්දමට මෙසේ ඉවත් වු වෛද්‍යවරුන් වන්නේ කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප්‍රතිශක්තිවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍ය රජීව් පිරිස්, එම වෛද්‍ය පර්යේෂණායතනයේම වෛරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කාන්ති නානායක්කාර සහ ඖෂධවේදය සම්බන්ධ මහාචාර්ය චන්න රණසිංහ යි. ඔවුන් තිදෙනාම මෙම එන්නත් පිළිබඳව විශේෂඥභාවයක් උසුලන ප්‍රවීණයින් තිදෙනකු බව සැලකේ.

ඩෙල්ටා කොවිඩ් ප්‍රෙභ්දයට එරෙහිව එන්නත සාර්ථක ලෙස ක්‍රියාත්මක වන්නේද යන්න සනාථ කිරීම සඳහා ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමතිවීම, දැනට ඉන්දුනීසියාව, මැලේසියාව සහ තයිලන්තය වැනි රටවල එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන් පවා කොව්ඩ් හේතුවෙන් මරණයට පත්විම මත තුන්වැනි සයිනෝවැක් මාත්‍රාවක් ලබා දීම ඇතුළු කරුණු සලකා බලමින් මෙම එන්නත හදිසියේ නොගෙන්විය යුතු බවට එම විශෙෂඥ කමිටුවේ සාමාජිකයන් සිව් දෙනකු මුලින් මත පළ කර ඇති අතර තවත් සිව් දෙනකු එයින් මාත්‍රා මිලියන දෙකක් පමණක් හදිසි භාවිතයට ගැනීම සඳහා අනුමත කළ යුතු බවට නිර්දෙශ කර ඇත

මේ වනවිට ඉහත නිර්ණායකයන් සැපිරූ එන්නත් ප්‍රමාණවත් තරම් මෙරටට එන පසුබිමක මෙම එන්නතින් මාත්‍රා මිලියන දෙකක් පමණක් ගෙන්වීම ප්‍රමාණවත් බවට අවසන් එකඟතාවකට කමිටුව පැමිණ ඇති අතර ඊට බලපා ඇත්තේ ඖෂධ ක්ෂේත්‍රයේ ආයතන ප්‍රධානීන් දෙදෙනකුගේ සහ එක් දේශපාලකයකුගේ බලපෑම මත බව සඳහන් වේ.

කෙසේ වුවද ඊයේ (17) ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී මෙම විශේෂඥවරුන් මිලියන දෙකක් ගෙන්වීම සඳහා පමණක් අනුමත කරන ලද එන්නතින් මිලියන 13ක් ඖෂධ සංස්ථාව හරහා ගෙන්වීමට අනුමැතිය ලබා දී ඇත.

එම අධ්‍යක්ෂ මණ්ඩලයේ ද අනුමැතිය ලබාදීමේදී එය නියෝජනය කරන වෛද්‍ය විශේෂඥයන් දෙදෙනකු ඊට විරෝධය පළ කොට ඇත.

මේ වනවිට රටට හිගයකින් තොරව සාර්ථක එන්නත් පවතින පසුබිමක් තුළ නිලධාරීන් දෙදෙනකු සහ දේශපාලකයකුගේ වුවමනාවට එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කර ඇති විශේෂඥ කමිටුව් මෛම වෛද්‍යවරුන් ඖෂධ අධිකාරියේ සභාපති වෛද්‍ය රසිත විජේවන්ත මහතා වෙත ලිපියක් යොමු කරමින් තම අස්වීම ප්‍රකශයට පත් කර ඇති බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More