දේශීය පුවත්

විදේශ විනිමය නොමැති බැවින් තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගිය බවට ඇතැම් වෙබ් අඩවි පළ කර ඇති පුවත් වල කිසිදු සත්‍ය තාවයක් නොමැති බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක්වෙමිනි.

වාහන සඳහා භාවිතා කරන පෙට්‍රල් සහ ඩීසල් සඳහා විදේශීය සැපයුම්කරුවන්ට ගෙවීමට විදේශ විනිමය නොමැති බැවින් තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගිය බවට අසත්‍ය පුවතක් පසුගිය දිනවල වෙබ් අඩවි වාර්තා කර තිබුණා. ඒ වගේම විපක්ෂයේ දේශපාලකයින් ද මාධ්‍ය හමු පවත්වමින් මේ බොරුව වපුරමින් සිටිනවා. එසේ නැවක් හරවා ගෙන ගියා නම් ඒ කුමන සමාගමක තෙල් රැගෙන පැමිණි නැවක් ද සහ ඒ නැවේ නම කුමක්ද යන කරුණු රටට හෙලි කරන මෙන් අපි බොරු වපුරන දේශපාලකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එසේ තෙල් බෑමට පැමිණි නැවක් හරවා ගෙන ගියා දැයි වරායෙන් විමසන ලෙස අපි මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා.

මේ බොරුවේ දෙවන අදියර දැන් ක්‍රියාත්මකයි. ආණ්ඩුවට තෙල් මිල දී ගැනීමට මුදල් නොමැති නිසා නුදුරු දිනක තෙල් හිඟයක් ඇති විය හැකි බැවින් වගේම ආණ්ඩුව සලාක ක්‍රමයකට තෙල් ලබා දීමට සැලසුම් කරන බැවින් වහාම වාහන වලට තෙල් පුරවා ගන්නා ලෙසත් බැරල් සහ කෑන් භාවිතා කර හැකි පමණ තෙල් ගබඩා කර ගන්නා ලෙසත් වූ පණිවිඩ සමාජජාලා වලට එක් කරමින් තිබෙනවා.

ඛනිජතෙල් ගබඩා පර්යන්ත සමාගම, තෙල් සංස්ථාව සහ එල්අයිඕසී සමාගම යන ආයතන තුනම ගත්තාම දින 27 ට ප්‍රමාණවත් පෙට්‍රල් ද දින 24කට ප්‍රමාණවත් ඩීසල් ද අප සතුව තිබෙනවා. අද දිනයේ ගොඩ බාන නැවෙන් එකතු වන ඩීසල් මෙට්‍රික් ටොන් 35,000ක් ඊට අයත්.

රට සතුව ඇති තරමට තෙල් තිබිය දී මෙවැනි කටකතා පතුරන්නේ ජනතාවත් ආණ්ඩුවත් අපහසුතාවයට පත් කිරීමේ දුෂ්ට චේතනාවෙන්. අපි කවදාවත් ජනතාවට බොරුවක් කියලා නෑ. කෙතරම් තිත්ත වුණත් තිත්ත ඇත්ත ජනතාවට කියන්න අපි පැකිලුනේ නෑ. ඉතිහාසයේ ප්‍රථම වරට බලශක්ති ඇමතිවරයෙකු මාධ්‍ය ඉදිරියට පැමිණ තෙල් මිල ඉහල දමන බව ජූනි 11දා ප්‍රකාශ කලා. ජූනි 13දා ඉන්ධන මිල ඉහළ දැම්මේ රට විදේශ විනිමය අර්බූදයක සිර වී සිටින නිසා බව ප්‍රකාශ කලා. විදේශ විනිමය අර්බූදය මුලින්ම රටට කිව්වෙත් අපි.

අපේ වෑයම රටේ ඉන්ධන හිඟයක් ඇති වීම වැලැක්වීමයි. අපිට ඉන්ධන හිඟයක් ඇතිවීම මගහැරීමට බැරි වුණොත් කටකතාකාරයින්ට ප්‍රථම අපි මේ වගේ මාධ්‍ය හමුවක් පවත්වලා රටට කියනවා කියලා අපි ජනතාවට පොරොන්දු වෙනවා.

අමාත්‍යය මාධ්‍යය ඒකකය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More