දේශීය පුවත්

පළාත් අතර බස් රථ සහ දුම්රිය ධාවනය හෙට(17) දිනයේ සිට නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබෙන බව රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා පවසනවා.

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා පිට පළාත් වල සිට දුම්රිය හතක් පසුගිය 14 වැනි දින සිට කොළඹ කොටුව සහ මරදාන දක්වා ධාවනය කිරීමට පියවර ගෙන තිබුණද, බස් රථ පරීක්ෂා කිරීමේදී හෙළිවී ඇත්තේ වැඩි පිරිසක් අත්‍යවශ්‍ය නොවන සේවා ගණයට අයත් පුද්ගලයින් බවයි.

කෙසේ නමුත් යළිත් අගෝස්තු මස පළමු වනදා සිට පළාත් අතර බස් ධාවනය වෙනුවෙන් බස් රථ යම් ප්‍රමාණයක් ධාවනයට අවසර ලබාදීමට කොවිඩ් මර්දන කමිටුව තීරණය කර ඇති බවත් මෙම කාලය තුල අන්තර් පළාත් බස් රථ හිමියන්ට සහ සේවකයන්ට ද සහන සැලසීමට සැලසුම් කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

හදිසි තීරණ ගෙන කටයුතු කළහොත් හතරවන කොරෝනා රැල්ලක් ඇතිවී රට සම්පූර්ණයෙන් විවෘත කිරීම මෙන්ම පාසල් විවෘත කිරීම තවදුරටත් ප්‍රමාද වීමේ අවදානමක් ද ඇතැයි දිලුම් අමුණුගම මහතා සඳහන් කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More