දේශීය පුවත්

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පත් කර ඇත.

නව පත්වීම් ලද මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය (15) වැනිදා යුද හමුදාපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී නව පත්වීම් ලිපිය භාරගත්තේය.

මෙම හමුවේදී මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ නව පත්වීම වෙනුවෙන් සුභපැතුම් පිරිනැමු යුද්ධ හමුදාධිපතිවරයා ‘2020-2025 ඉදිරි උපාය මාර්ග සැලැස්ම’ සහ නිලධාරීන්ගේ පුහුණුවීම් තවදුරටත් ප්‍රවර්ධනය කරගැනිම යන කරුණු පිළිබද සහ යුද්ධ හමුදාවේ විධිවිධාන තවදුරටත් වැඩිදියුණු කළ හැකි ආකාරය පිළිබඳ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සමග අදහස් හුවමාරු කරගත්හ.

මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා 58 වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමට පෙර ආරක්‍ෂක සේනා ආඥාපති – යාපනය ලෙස රාජකාරි ඉටුකරන ලදි.(අරුණ)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More