දේශීය පුවත්

ජාත්‍යයන්තර ශ්‍රේණිගත කිරීම් වලට අනුවත් දේශීය විද්වතුන්ගේ ගණන් බැලීමට අනුවත් ශ්‍රී ලංකාව පසුවන්නේ කොවිඩ් වසංගතයේ 4වන අවධියේය. එම අවධිය බරපතලම අවධිය බව විද්වතුන්ගේ මතයයි.සෞඛ්‍යය බලධාරීන්ගේ අණතුරු ඇඟවීම් එලෙසම තිබියදී ඊට පරස්පර ලෙස සංචරණ සීමා ලිහිල් කිරීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.එහිදී අප වෙත අදහස් දැක්වූ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ ” ආණ්ඩුව මේ හදන්නේ “සිංහල අවුරුදු පොකුරක්” නිර්මාණය කළ ආකාරයටම “හජ්ජි පොකුරක්” නිර්මාණය කිරීමටයි.දැන් පැතිරෙමින් තිබෙන ඩෙල්ටා ප්‍රභේදයේ පැතිරීමේ වේගය 50% ක් පමණ බව කියවෙනවා. සෞඛ්‍යය බලධාරින් මහජනයාට දැඩි ලෙස පරෙස්සම් වීමට අවශ්‍යය නීති පනවන අතර තුර ඊට ඉහලින් සිටින නොපෙනෙන බලවේගයක් විසින් නීති ලිහිල් කිරීම ඉතා බරපතල වගකීම් පැහැර හැරීමක්. මෙම බලවේගය සමහර විට ජනාධිපති තුමා අමාරුවේ දැමීමේ කුමන්ත්‍රණයක නියැලෙනවා වන්නත් පුළුවන්. වෙසක් වලට පොසොන් වලට නැති ලිහිල් කළ සංචරණ සීමා හජ්ජි වලට අවශ්‍යය නැහැ. මේ මෝඩ තීන්දුව කවුරුන් විසින් ගනු ලැබුවද ඔහුට හෝ ඇයට මේ සම්බන්ධයෙන් වගකීමට සිදු වෙනවා.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More