රහස් පොලිසියේ රැඳවුම් භාරයේ සිටින හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට ගිනි තබාගෙන අභිරහස් අන්දමින් මියගිය හැටන් ඩයගම බටහිර ප‍්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 16 යි මාස 08 ක් වයසැති ඉෂාලිනී ජූඩ් කුමාර් නමැති බාලවයස්කාර දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්ව ඇති බව මරණ පරීක්‍ෂණයෙන් අනාවරණය වී ඇති බව වාර්තාවේ.
දැරියගේ සිය දිවි නසා ගැනීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ සිටින ඔහුගේ බිරිඳ මව්පියන් සහ මෙහෙකාර සේවයේ යෙදී සිටින තරුණයකුගෙන්ද බොරැල්ල පොලිසිය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යන බව වාර්තාවේ. මේ අතර පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටින්නේ රහස් පොලිසියේ රැඳවුම් භාරයේ සිටින රිෂාඩ් බදියුදීන්ගෙන්ද මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවය.
මෙම දැරිය ඇයට වයස අවුරුදු 15 යි මාස 11 ක් වෙද්දී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනැවිත් ඇති බව ද විමර්ශනවලින් මේ වන විට හෙළිවී ත්බෙන බවද වාර්තාවේ.
කෙසේ වුවද දැරිය හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගෙන සිය දිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවද පොලිසිය පවසා සිටී.
මේ සම්බන්ධයෙන් කරුණු දක්වන පොලිසිය පවසා සිටින්නේ මෙසේ සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකර ගැනීමට කිසියම් බරපලතළ හේතුවක් තිබිය යුුුතු බවත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්ය .ඒ අනුව දැරිය දීර්ඝ කාලයක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්වීම නිසා සියදිවි හානි කරගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.
මෙම දැරිය මියයෑමට පෙර ජාතික රොහලේ වෛද්‍යයවරුන් හට පවසා ඇත්තේ් තමන් සිරුරට භූමිතෙල් වත්කරගෙන ගිනි තබාගත් බවයි. එහෙත් එසේ ගිනි තබාගැනීමට හේතුව ඇය පවසා නැත.
බාලවයස්කාර දැරියක් මෙහෙකාර සේවයේ යෙදවීම සම්බන්ධයෙන්ද පොලිසිය වෙනමම විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ප්‍රකාශ කරයි.
දැරිය පසුගිය 03 වනදා සිරුරට ගිනි තබාගෙන ඇති අතර ඇගේ සිරුරේ 72% ක ප‍්‍රමාණයක් ගිනි ගැනීමෙන් දැඩි ලෙස පිළිස්සී ගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
දැරිය දින 12 ක් තිස්සේ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා පසුගිය 15 වැනිදා මියගොස් තිබුණු බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...