දේශීය පුවත්

මෙරට දේශපාලනයේ වසර ගණනාවක් රැඳී සිටියත් රටට දැනෙන යමක් කිරීමට අපොහොසත් වූ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ සිට රටට අලූත් දෙයක් කිරීමට දැන් හැකියාවක් නැතැයි හිටපු ඇමැති, එජාප ජ්‍යෙෂ්ඨතම සාමාජික ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ඊයේ 16 දා සඳහන් කළේය.

වික‍්‍රමසිංහ මහතා රජය සමග ‘ඞීල්’ දමමින් සිටින බවක් පෙනෙන්නට ඇති බවද කී හිටපු ඇමැතිවරයා රට ගොඩදැමීමට නම් ඒ ‘ඞීල්’ දැමීම හරියන්නේ නැතැයි ද කියා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා මෙසේ ද පැවසීය. රනිල් කියන්නේ හොඳ ‘ඞීල්කාරයෙක්’ තමයි. නමුත් මේ අසාර්ථක ආණ්ඩුව සමග ‘ඞීල්’ දාලා වැඩක් නැහැ ඒකෙන් රටටත් පක්‍ෂයටත් සත පහක වැඩක් නැහැ. අද රටේ තියෙන්න තිබුණේ එජාප ආණ්ඩුවක්. ‘රනිල් – සජිත්’ දෙකට බෙදිලා කුලල් කා ගැනීම නිසා තමයි මේ අය බලය ඩැහැගත්තේ. මම මේ දෙගොල්ල එකතු කරන්න බොහොම මහන්සි වුණා. මම බේදබින්න කරන වැඩවලට ගියේ නැහැ. නමුත් දොගොල්ලම ජ්‍යෙෂ්ඨ අපේ හඬට කන්දුන්නේ නැහැ.

තමන් ගැන පමණක් හිතන නායකයෝ රටේ තියා පක්‍ෂවලවත් නායක තනතුරුවලට සුදුසු නැහැ. එජාපය ඇතුළේ කල්ලි හැදුණු එක තමයි විනාසේ. අද ආණ්ඩුව වගේම විපක්‍ෂයත් අසමත්. හොඳ විපක්‍ෂයක් හිටියා නම් රටට මෙහෙම වෙන්නේ නැහැ. එජාපය යටතේ මේ රටේ ස්වර්ණමය යුගයක් තිබුණා. මම ඒ කාලේ ඇමැති තනතුරු දරමින් හොඳ වැඩ කළා. අද මට සතුටට තියෙන්නේ එච්චරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More