ඊයේ(16) සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත් ක්ෂේත්‍ර නවයකට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වේ.
එම නිවේදනයට අනුව ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ඇති අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනමම නිකුත් කරණ බවද කියවේ.
මේ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍යයවරයෙකු අප හා පැවසූවේ ඉන්දියාවෙන් හමුවූ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ලංකාව තුළ පැතිරී යන තත්වයක් තුළ බලධාරින් මෙවැනි ලිහිල් කිරීමක් කරණු ලැබ ඇත්තේ එළඹෙන හජ්ජි උත්සවය සැමරීමට ඉඩ ලබා දීමට බවට සැක පහළ වන බවයි.වෙසක් උත්සවය පොසොන් උත්සවය වැනි මේ රටේ බහුතර බෞද්ධ ජනයාගේ වැදගත් ආගමික උත්සව සැමරීම නොකර කළ කැප කිරීම ඩෙල්ටා ප්‍රභේදය වැනි වේගයෙන් පැතිර යන ප්‍රභේදයක් ශ්‍රී ලංකාවේ බොහෝ තැන් වල මතු වෙද්දී මෙවැනි තීන්දුවක් ගැනීමට සෞඛ්‍ය අධ්‍යයක්ෂක ජනරාල්වරයාට හේතු වූ සාධක මොනවාදැයි පැහැදිලි නැති බවද එම විශේෂඥ වෛද්‍යයවරයා පවසා සිටියේය..
මේ අතර සමාජ ජාලා පරිශීලකයන් අතර සංසරනය වන සමහර අදහස් වලින් පැවසෙන්නේ ඉස්ලාම් අන්තවාදී දේශපාලන නායකයන් සතුටු කිරීමේ වුවමනාව ඇති කවුරු හෝ දේශපාලන නායකයෙකුගේ වුවමනාවට මෙවැනි කටයුතු සිදුවන බවයි.
මේ අතර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය අවධාරණය කර සිටියේ කවුරු කුමක් පැවසුවත් කොරෝනා තුන්වැනි රැල්ල තවම අවසන් නැති බවයි.
“හැමෝම තුන්වෙනි රැල්ල අවසන් යැයි සිතාගෙන සිටියද ඒ සිතුවිල්ල වැරදියි.රැල්ලක් උඩට තවත් රැල්ලක් මතුවිය හැකි යැයි පැවසූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරිය ඩෙල්ටා කොරෝනා වෛරසය විවිධ තැන්වලින් හමුවෙන හෙයින් එය වැඩි දෙනෙකුට පැතිරී යෑමේ හැකියාවක් තිබෙනවා.මෙය මෙතනින් නවත්වා ගැනීම කාගේත් වගකීමක්.” යැයි සුසී පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...