දේශීය පුවත්

කහටගහ පතල් සංකීර්ණයේ සියලු අංශ කාර්යක්ෂම කොට, අගය එකතු කළ මිනිරන් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කෙරෙහි ද අවධානය යොමු කරමින් දැනට වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපාය දෙන තැනක් බවට එම පතල පත් කිරීම තම අරමුණ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.

අද(16) කුරුණෑගල, දොඩම්ගස්ලන්ද, මදුරාගොඩ පිහිටි කහටගහ මිනිරන් පතල් සංකීර්ණයෙහි නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

” කහටගහ පතල පිළිබඳ ඉදිරි තීරණ ගැනීම සඳහා එම පතල් සංකීර්ණයේ නිරීක්ෂණයටත් කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනයේ ඉහළ නිලධාරීන් සහ මෙම පතල් සංකීර්ණයේ සේවකයන් සමඟ සාකච්ඡාවකටත් අප අද මෙහි පැමිණියා. පතල් සංකීර්ණයේ සියලු කටයුතුවල කාර්යක්ෂමතාව වැඩි කිරීමට අප තීරණ රැසක් ගනු ලැබුවා. එමගින් මෙම පතල දැනටත් වඩා වැඩියෙන් රටට විදේශ විනිමය උපයාදෙන තැනක් බවට පත් කිරීමට අපට හැකියාව ලැබේවි” යනුවෙන් ද ඒ මහතා පැවැසීය.

කහටගහ පතල, කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින පූර්ණ රාජ්‍ය සමාගමක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් ආයතනය සතු වූවකි. අක්කර 102ක භූමිභාගයකින් යුත් පතල් සංකීර්ණය සතු මිනිරන් සංචිතය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් මේ වන විටත් සිදුවෙමින් පවතී. මාසිකව මිනිරන් මෙට්‍රික් ටොන් 65ක් කැණීම් කටයුතු මගින් ලබාගන්නා අතර එය මෙට්‍රික් ටොන් 85 දක්වා වැඩි කර ගැනීම පිළිබඳව ඉහත සාකච්ඡාවලදී අවධාරණය විය.

එසේම මෙම අක්කර 102ක භූමිභාගයෙහි දැනට පවතින පොල් වගාවට අමතරව ඉඟුරු, කහ වැනි යටි වගාවන්ට සහ පලතුරු වැනි වගාවන්ට යොමුවී එමගින් අමතර ආදායම් ඉපයීම පිළිබදවද මෙහි දී අවධානය යොමු කෙරිණි.
කැණීම්වලින් අනතුරුව මිනිරන් තොග සෘජු අපනයනයෙන් වැළකී අගය එකතු කිරීමේ ක්‍රියාවලියකට භාජනය කොට අපනයනය කිරීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙරට මිනිරන් කර්මාන්තය නව්‍ය ලෝක ප්‍රවණතා ඔස්සේ වැඩි දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී පෙන්වා දුන්නේය.




Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More