දේශීය පුවත්

අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (16) දිනයේ මෙරටට ලැබී තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට ලැබෙන අතර මෙම එන්නත මෙරටට ලැබෙන පළමු අවස්ථාවද මෙයවේ.

මෙම එන්නත මගින් 94% ක ඉහළ කාර්යක්ෂමතාවයකින් රෝග නිවාරණය කිරීමේ හැකියාවක් ඇති බව මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

කොවිඩ්‍ 19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය සකස් කිරීම සඳහා මෙම එන්නතෙන්ද මාත්‍රා දෙකක් ලබා ගත යුතු අතර මාත්‍රා දෙක අතර අවම වශයෙන් දින 28 ක කාලසීමාවක් පැවතිය යුතු බව නිර්දේශ කොට ඇත.

අදාළ මාත්‍රා තොගය පළමුවෙන් ඇමෙරිකාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ යානයක් මගින් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබේ.

මෙම එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසු කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කෙරුණු අතර පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත එන්නත් තොගය රැගෙන යෑමටයි පියවර ගෙන තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More