දේශීය පුවත්

කරුත් 118 ඉල්ලයි

June 2, 2018 5:52 am | Lanka Lead News

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් හා වෙනත් වරප්‍රසාද ලබාගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනාගේ නම් ඇතුළත් සී.350 දරන ලේඛනය තමන්ට වහාම එවන ලෙස කථානායක කරු ජයසූරිය මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

ඊයේ (01දා) පෙරවරුවේ ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා වෙත දුරකථන ඇමැතුමක්‌ ලබාදී එම ලේඛන තමන් වෙත එවන ලෙස කථානායකවරයා ඉල්ලීමක්‌ කර තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසම මගින් නිකුත් කරන ලද වාර්තාවේ එම කොටස්‌ ඇතුළත් කර තිබූ නමුත් ඒවා ප්‍රසිද්ධියට පත් කෙරෙන්නෙ නැත. එම රහස්‍ය කොටස්‌ ද ඇතුළත් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව මේ වනවිට ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව භාරයේ පවතී.

අර්ජුන් ඇලෝසියය් මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මුදල් ලබා ගෙන ඇත්නම් තමන් ද ඒ පිළිබඳ දැනුවත් විය යුතු බැවින් එම මන්ත්‍රීවරුන්ගේ නම් ඇතුළත් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ප්‍රසිද්ධියට පත් නොවූ කොටස්‌ ලැබෙන්නට සලස්‌වන ලෙස කථානායකවරයා ඉල්ලීමක්‌ කළ බව කථානායක කාර්යාලයේ ප්‍රකාශකකයෙක්‌ දිවයිනට කීය. එම කොටස්‌ ඇතුළත් සම්පූර්ණ මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාව තමන්ට එවන ලෙස කථානායකවරයා මීට පෙර ද ජනාධිපති ලේකම්වරයාගෙන් ලිතව ඉල්ලීමක්‌ කර තිබූ බවද එම ප්‍රකාශයා වැඩිදුරටත් පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More