දේශීය පුවත්

හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සීමට ලක් වූ 16 හැවිරිදි මෙහෙකාර දැරිය අද (15) කොළඹ ජාතික රෝහලේ දී මියගොස් තිබේ.

හැටන් ඩයගම වත්තක පදිංචිව සිටි මෙම දැරිය සිරුරට ගිනි ගැනීමෙන් ලද තුවාල හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවාය.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ ඇය වයස අවුරු 15කුත් මාස 11ක්ව තිබියදී එනම් බාල වයස්කාර දැරියකව සිටිය දී හිටපු අමාත්‍යවරයාගේ නිවසේ මෙහෙකාර සේවයට ගෙනා ඇය යළි නිවසට කැඳවාගෙන යන ලෙස කළ ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් සිරුරට ගිනි තබා ගෙන ඇති බවය.

මීට මාස 08කට කලින් රිෂාඩ් බදූර්දීන්ගේ කොළඹ බොරැල්ලේ පිහිටි නිවසට මෙම දැරිය පැමිණ ඇති අතර මෙම ගිනි තබා ගැනීමේ සිදුවීම සිදුව ඇත්තේ පසුගිය ජූලි මස 03 වැනිදාය.

එදින සිට ඇය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර ඇය පොලිසිය මෙන්ම රජයේ රස පරීක්ෂවරයා ද නිවසට ගොස් දැරියට පිළිස්සුම් අනතුර සිදුවූ ස්ථානය පරීක්ෂාවට ලක් කොට ඇත.

මුළුතැන්ගෙයට යාබද කාමරයක ඇය තනිවම සිට ඇති අතර එම කාමරයේ තිබී භූමිතෙල් බෝතලයක් සහ ලයිටරයක්ද පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.

ඇඳුම්වලට ගිනි ඇවිලෙද්දි ඇය කාමරයෙන් පිටතට පැමිණ ඇති අතර බදූර්දින් මහතාගේ බිරිඳත් මවත් සහ පියා සමඟ තවත් මෙහෙකරුවකුත් තෙත් බ්ලැන්කට්ටුවතින් ඇය ආවරණය කොට 1990 ගිලන් රථයක් මඟින් ඇය රෝහල වෙත යැවීමට කටයුතු කර ඇත.

මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදුවෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More