යාල වන උද්‍යානයේ පළමුවන බිම් ප්‍රදේශයෙන් අක්කර 12000ක් පමණ භූමි ප්‍රදේශයක් යම් රහසිගත කටයුත්තක් සඳහා රජය භාවිතා කිරීමට සැලසුමක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයට චෝදනා එල්ල කරයි.
ජාතික වනෝද්‍යානයේ සිට ආකාස චෛත්‍යය දක්වා නිති විරෝධී මාර්ගයක් ඉදිකිරීමට සූදානමක් තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
මෙම තොරතුරු තමාට ඉතාම විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් ලැබුණු බව ද ප්‍රකාශ කර සිටි අතර තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම හෙලිදරව්ව සිදුකර ඇත.
“යම් රහසිගත අරමුණක් වෙනුවෙන් යාල ජාතික වනෝද්‍යානයේ 1 වන බිම් කොටසින් අක්කර 12,000 ක් වෙනත් කටයුත්තක් සඳහා යොදාගැනීමට රජය සැලසුම් කර ඇති බවට විශ්වාසදායක තොරතුරු තිබේ. ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය හරහා නීතිවිරෝධී මාර්ග ඉදිකිරීමට නියමිත බවද විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කර ඇත”
— Sajith Premadasa (@sajithpremadasa) July 14, 2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...