යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට සහභාගි වෙමින් පවසා සිටියේ එන්නත්කරණ ක්‍රියාවලියට හමුදා සාමාජිකයින්ගේ දායකත්වය ලබාදීම මිලිටරීකරණය ලෙස අර්ථ දැක්වීම සත්‍ය නොවන බවයි.එසේම යුද හමුදාපතිවරයා පවසා සිටියේ යුද හමුදාව සහයෝගය දී ඇත්තේ එන්නත්කරණය වේගවත් කිරීමට බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා,”මිලිටරීකරණය කියන යන වචනය භාවිත කරන්නේ යම් යම් පුද්ගලයින්ට අවශ්‍ය විදිහට.එන්නත්කරණය වේගවත් කරන්න අවශ්‍යය උනන්දුව හෝ ජවය හෝ ලබා දීම පමණයි යුද හමුදාව ඉටු කරණු ලැබුවේ. අපේ වැඩපිළිවෙල දරා ගැනීමට නොහැකි අය පවසන දෑ අසත්‍යයි. අපි සොල්දාදුවො යොදාගෙන එන්නත්කරණය කරන්නේ නෑ. හමුදා තුනේම වෛද්‍ය අංශ තමයි මේක කරන්නේ. හමුදාවෙත් ඉන්නවා පී එච් අයි ලා. ඒ අය සාමාන්‍යය පී එච් අයි ලා එක්කමයි පුහුණුව ලබලා තියෙන්නේ. අපි ලබාදෙන සෑම එන්නතකටම වගකියනවා.මේ රටේ සියලුම දිස්ත්‍රික්කවල සෑම පුද්ගලයෙකුටම සැප්තැම්බර් වනවිට එක් එන්නත් මාත්‍රාවක් හරි දීලා අවසන් කරන්න අපේ සැලසුමක් තියෙනවා. ඒ අනුව තමයි යුද හමුදාව එන්නත්කරණය ආරම්භ කළේ.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...