දේශීය පුවත්

මන්නාරම පොලීසිය පවසන්නේ මන්නාරමේ ස්ථාන 03 ක පිහිටි කතෝලික සුරුවම් 03 කට ඊයේ (14) කිසියම් නාඳුනන පිරිසක් විසින් පහර දී අලාභහානි සිදුකොට පලා ගොස් ඇති බවයි.

මන්න්නාරම පොලීසිය පවසන ආකාරයට මන්නාරම වයල් මාර්ගයේ ස්ථාන දෙකක පිහිටි කතෝලික සුරුවම් දෙකකට සහ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රධාන මාර්ගයේ පිහිටි කතෝලික සුරුවමකට මෙලෙස පහර දී පලා ගොස් ඇත.

මේ සම්බන්ධයෙන් පැතිරී යන කටකතා පිලිබඳව මන්නාරම් පොලීසිය පවසා සිටියේ කිසිදු අයුරකින් කතෝලික පල්ලි වෙතට පහරදීමක් සිදු වී නොමැති බවත් මානාරමේ පිහිටි ස්ථාන කිහිපයක සුරුවම් වෙතට පමණක් පහරදීම සිදුව ඇති බවත්ය. කෙසේ වුවද අදාල පහරදීම්වලින් සුරුවම් ආවරණය කොට ඇති කණ්ණාඩි ඇතුලු ආවරණ වලට හානි සිදුව ඇති අතර සුරුවම් ආසන්නයේ තිබී ගල් කිහිපයක්ද සොයාගැනීමට හැකි වී තිබේ.

කතෝලික සුරුවම් වලට පහරදීම සිදුකරන ලද පුද්ගලයින් කව්රුන්දැයි යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පවසන මන්නාරම පොලිසිය සිද්ධියට වගකිව යුතු පිරිස් සොයා විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇති බව මන්නාරම පොලීසිය වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More