දේශීය පුවත්

රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ, රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී ඉන්දුනීසියාවේ සිට මෙරටට ආනයනය කරන ලද යූරියා පොහොර තොගයක් සම්බන්ධව රේගු ආදායම් අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

මෙම යූරියා පොහොර තොගය කොළඹ වරායට රැගෙනවිත් ඇත්තේ තොග වශයෙන් භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකාවක් මගින් බව රේගු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.

රේගු පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ කොළඹ 08, බාවා පෙදෙසේ පිහිටා තිබෙන පෞද්ගලික සමාගමක් මෙම යූරියා පොහොර තොගය ආනයනය කර තිබෙන බවත් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 9795 ක් මෙරටට ආනයනය කර ඇති බවත්ය.

රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසා සිටියේය රසායනික පොහොර ආනයනය ඉකුත් මැයි මස 06 වැනිදා තහනම් කරනු ලැබූ බවත්, එම තහනමට අදාළ රෙගුලාසි වලට අනුව මැයි 06 වැනිදා හො මැයි 06 වැනිදායින් පසුව රසායනික පොහොර මෙරටට එවීම සඳහා නැව්ගත කළ නොහැකි බවයි.

ඒ අනුව මෙම පොහොර තොගය නැව්ගත කරන ලද දිනය සම්බන්ධව රේගු අධීක්ෂණ අංශය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.

මේ අතර කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ රසායනික පොහොර ආනයනය තහනම් කර තිබියදී මෙලෙස පොහොර ආනයනය කිරීම කළ නොහැකි බවය.

අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටින්නේ ඉකුත් අප්‍රේල් මස 28 වැනිදායින් පසුව ණයවර ලිපි (එල්.සී.) විවෘත කිරීමට අවස්ථාව ලබා නොදුන් බවත්, මීට පෙරදී එල්.සී විවෘත කර මෙරටට ආනයනය කරන ලද මිශ්‍ර පොහොර මෙට්‍රික් ටොන් 2500 ක තොගයක් තවමත් නිදහස් නොකර වරායේ තිබෙන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More