පසුගිය දිනවල පැවති ප්‍රධාන උද්ඝෝෂණ දෙකකට පැමිණි පිරිස නිරෝධායනයට යොමු කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිර්දේශ නිකුත් නොකළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පසුගියදා පැවැත්වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ උද්ඝෝෂණයට සහභාගී වූ පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා නිර්දේශ ලබා දී ඇත්තේ කොම්පඤ්ඤවීදිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා විසින් වන අතර ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිර්දේශ නිකුත් කර නොමැති බව හෙතෙම පෙන්වාදෙනවා මෙවැනි උද්ඝෝෂණවලට සහභාගී වන අයවලුන් නිරෝධායන කිරීමට නිර්දේශ ලබා දීම සම්බන්ධයෙන් ගැටලුසහගත තත්ත්වයක් හටගෙන ඇති බැවින් දැනට පැවත්වෙන නිරෝධායන ආඥා පනත යටතේ ඇති ප්‍රධාන කණ්ඩායම් තුන සඳහා පමණක් නිරෝධායනය කිරීම හෝ අධිකරණයට ඉදිරිපත් කිරීම යන කාරණා සම්බන්ධයෙන් නිර්දේශ ලබා දෙන බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පවසනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...