දේශීය පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ ඊයේ(13) දිනයේ පමණක් සිදූ වූ රිය අනතුරුවලින් මරණ 10ක් වී ඇති බව යි.

එම මරණ වලින් මරණ 7ක්ම යතුරුපැදිකරුවන් වන අතර අනෙක් මරණ 3ට ගොදුරු වී ඇත්තේ පදිකයින් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටී.

මෙම තත්වය රිය අනතුරුවල සීඝ්‍ර වර්ධනයක් බවත් දිනකට මරණ 10ක් වාර්තාවීම වසරකට මරණ 3,650ක් බවත් පවසන අජිත් රෝහන මහතා අවධාරණය කරන්නේ මෙම තත්වය මෙරට මාර්ග පද්ධතිය අනුව ඉතා වැඩි සංඛ්‍යාවක් බවයි.

අජිත් රෝහණ මහතාට අනුව 2020 වසරේ දී පුද්ගල්යින් 2,144ක් රිය අනතුරු හේතුවෙන් මියගොස් ඇති අතර 2019 වසරේදී පුද්ගලයින් 2,839ක් රිය අනතුරුවලින් මියගොස් තිබේ.

2021 වසරේ මේ දක්වා කාලය තුළ පුදගලයින් 1,266ක් රිය අනතුරුවලින් මියගොස් 7,000කට ආසන්න පුද්ගලයින් ගනනක් තුවාල ලබා තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More