දේශීය පුවත්

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු රදගුරුවරුන් හත් දෙනෙකුගේ සහ පියතුමන්ලා 27 දෙනෙකුගේ අත්සනින් යුතුව පාස්කු ප්‍රහාරය පිළිබඳ ජාතික කතෝලික ප්‍රකාශක කමිටුව පිටු 19කින් සමන්විත ලිපියක් අද (13) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර ඇති බව වාර්තාවේ.

උන් වහන්සේලා එම ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ලිපියේ ඇතුළත් කරුණු පිළිබඳව කඩිනමින් විමර්ශනයකර ඒ පිළිබඳව සෑහීමකට පත්විය හැකි පිළිතුරක් මසක් ඇතුළත ලබාදෙන ලෙසයි.

“2019 අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සිදුවී මේ වනවිට මාස 26ක් ගතවී තිබේ. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව නිකුත් වී මාස 05කට ආසන්න කාලයක් ගතවී ඇත. නමුත් මේ ප්‍රහාරයට වගකිවයුත්තන්, එය සැලසුම් කළ පුද්ගලයින්, එම සමූල ඝාතනය වළක්වා ගත හැකිව තිබියදීත් තම වගකීම් පැහැර හැරියවුන් නිසියාකාරයෙන් සොයා, ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමේ ක්‍රියාවලිය මේ වනතුරුත් බොහෝදුරට මන්දගාමීව සිදුවීම පිළිබඳව අපගේ බලවත් කනස්සල්ල පළමුව ප්‍රකාශකර සිටිමු.” යනුවෙන් උන්වහන්සේලා එම ලිපිය මගින් පවසා සිටිති.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More