දේශීය පුවත්

විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරමින් පවසා සිටින්නේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසයි.

මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා ඇතුළු එහි සාමාජිකයින්, එම කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය, එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, එක්සත් ජාතික පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්, සහ නීතිපති ඇතුළු පිරිසක් නම්කර තිබෙන බව නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසා සිටී.

එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතා පවසා සිටියේ සෑම පක්ෂයක් විසින්ම සිය ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන් පිළිබඳ නම් ලැයිස්තුවක් සතියක් ඇතුළත ඉදිරිපත්කරන ලෙස දන්වා 2020 වසරේ අගෝස්තු මස 7 වන දා මැතිවරණ කොමිසම විසින් සියලුම පක්ෂ ලේකම්වරුන්ට දැනුම්දුන් බවයි.
නමුත් ඔහුගේ චෝදනාව වන්නේ අදාළ කාලසීමාව තුළ එක්සත් ජාතික පක්ෂය හා අපේ ජන බල පක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පත්කරනු ලබන මන්ත්‍රීවරුන්ගේ නම් මැතිවරණ කොමිසමට ලබා නුදුන් බවයි.

ඔහුට අනුව අදාළ කාලය තුළ නම් ලබානොදී ඉන් මාස ගණනාවකට පසුව ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරු වශයෙන් රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමි පත් කිරීමට මැතිවරණ කොමිසම ගනු ලැබූ ක්‍රියාමාර්ගය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වේ.

ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතා තමාගේ සහ රටේ ජනතාවගෙත් මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් නීතියට පටහැනි ආකාරයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු වශයෙන් පත්වී සිටින රනිල් වික්‍රමසිංහ සහ අතුරලියේ රතන හිමියන්ගේ මන්ත්‍රීධූර බලරහිත කිරීමේ නියෝගයක් නිකුත්කරන ලෙසත් පෙත්සම්කාර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More