දේශීය පුවත්

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ආරම්භ කළ විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම් කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඊයේ(14) ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී සංචාරක අමාත්‍යය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටියේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවට ගෙන ආ විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කිරීමට කටයුතු කරන බවයි.

එහිදී මාධ්‍යයවේදියෙකු විසින් විවිධ කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ මතභේදාත්මක තත්ත්වයක් උද්ගතව ඇතිදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍යයවරයා පවසා සිටියේ,”ආන්ඩුවේ කිසිම අර්බුදයක් නැහැ. ආන්ඩුවේ අර්බුදයක් තියෙනවා කියලා මවාපාන්න ඇතැම් පිරිස් උත්සාහ කරාට එවැනි කිසිම දෙයක් අපි දකින්නේ නැහැ.” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More