දේශීය පුවත්

2019 වසරේ සිට LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ඊයේ (12) එම පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ සැකකරු 2019 වසරේදී ශ්‍රී ලංකාවෙන් කටාර් රාජ්‍ය වෙත පළාගොස් තිබූ බවය.

පසුව ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් ජාත්‍යන්තර පොලීසිය හරහා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිල් නිවේදනයක් ලබාගෙන තිබේ.

අදාළ සැකකරු ශ්‍රී ලංකාවේ දී දින 14ක නිරෝධායන කාලයක් ගතකර ඇති අතර එය අවසන් වූ වහාම ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ සැකකරුව රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More