එම්.සී.සී, ඇක්සා සහ සෝෆා ගිවිසුම් අත්සන් කිරීම වැළැක්වීමේ නියෝගයක් රජය වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ඊයේ (12) බුවනෙක අලුවිහාරේ, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවා තිබුණු අතර එම මූලික අයිතිවාසිකම් පෙත්සම බහා තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයකර ඇති බව වාර්තා වේ.
පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේ එම්.සී.සී ගිවිසුම හා ඇක්සා ගිවිසුම සම්බන්ධයෙන් පැවති ගැටලුකාරි තත්ත්වය මේ වනවිට නිරාකරණය වී ඇති බවත් “සෝෆා” ගිවිසුම අත්සන් නොකරන බවට මේ දක්වා රජයෙන් සහතිකයක් ලැබී නොමැති බවත්ය.
මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ “සෝෆා” ගිවිසුම පිළිබඳව 2019න් පසුව ශ්‍රී ලංකාව සහ ඇමරිකානු පාර්ශ්වයන් අතර කිසිදු කරුණු හුවමාරුවීමක් සිදුව නොමැති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...