දේශීය පුවත්

යාපනය වෙරළ තීර කිහිපයකට ගෙවුනු සතිය තුලදී රෝහල්වලින් ඉවතලන අපද්‍රව්‍ය රැසක් ගොඩගසා ඇති බවට ධීවරයින් සහ ප්‍රදේශවාසීන් පවසා සිටිති.

යාපනය පුන්කුඩතිව් කූරිකඩ්ඩුවාන් වෙරළ තීරයට පසුගිය දින කිහිපයේදී යාපනය නයිනතීව් සහ නෙඩුන්තීව් මුහුදූ වෙරළට මෙලෙස රෝහල අපද්‍රව්‍ය රැසක් ගොඩගසා තිබූ බවට ප්‍රදේශවාසීන් පවසති.

රෝහල්වලින් ඉවතලන එන්නත් කටු, සේලයින් බෝතල්, රුධිරය ලබාගන්නා වෛද්‍ය උපකරණ, ඖෂධ රැඳවුම් ඇතුළු අපද්‍රව්‍ය රැසක් එලෙස ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීන් විසන් පෙන්වා දෙයි.
අදාල රෝහල අපද්‍රව්‍ය යාපනය දිස්ත්‍රීක්කයේ පිහිටි රෝහල්වලින් නොවන බවටත් ඉන්දියාවෙ රෝහල්වලින් බැහැර කෙරෙන අපද්‍රව්‍ය මෙලෙස මුහුදට දැමීම හේතුවෙන් එම අපද්‍රව්‍ය උතුරු මුහුදු තීරයට ගසාගෙන එන්නට ඇති බවටයි ප්‍රදේශවාසීන් සැක පළ කරන්නේ.

මේ අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ නිළධාරීන් හා සෞඛ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමටද ප්‍රදේශවාසී ජනතාව කටයුතු කර තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More