දේශීය පුවත්

පාසල් ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම අද (12) නිල වශයෙන් ආරම්භ කෙරුණු අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අමාත්‍යවරයා පවසා සිටියේ පාසල් ගුරුවරුන්ගේ එන්නත්කරණ කටයුතුවලින් අනතුරුව පාසල් ආරම්භ කිරීමේ මූලික පියවර ලබන අගෝස්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

එන්නත් ලබාදීමේ වැඩසටහනට අනුව අද දිනය තුළ කොළඹ කලාපය ට අයත් සියලුම ගුරුවරු එන්නත් කර අවසන් කරන බවත් හෙට (13) දිනයේ දී මෙම වැඩසටහන සම්පූර්ණ කරන බවත් අමාත්‍යවරයා පවසා සිට්යේය.

එහිදී අමාත්‍යයවරයා පවසා සිටියේ රට පුරා ගුරුවරු 242,000ක් සිටින බවත් දැනටමත් ගුරුවරු වැඩි ප්‍රමාණයකට එන්නත ලබාදී අවසන් බවත්ය.

මේ අතර වැටුප් විෂමතා, වෘත්තීය සමිති නායකයින් අත්අඩංගුවට ගෙන නිරෝධායනට යොමු කිරීම ඇතුළු කරුණු මුල් කරගනිමින් ලංකා ගුරු සේවා සංගමය, ලංකා ගුරු සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය, ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එක්ව සිටී.

එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලීන් මහතා ඇතුළු වෘත්තීය සමිති නියෝජිතයින් කිහිපදෙනෙකු නීතිවිරෝධී උද්ඝෝෂණ පැවැත්වීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන නිරෝධායනයට යොමුකිරීම යි.

ඒ පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඇතැම් ගුරුවරු පමණක් අද දිනයේ ඉගැන්වීම් කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන ඇති බවත් මාර්ගගත අධ්‍යාපන කටයුතු ඉදිරියටත් සිදුකළ යුතු වුවත් එය සාදාකාලික විසඳුමක් නොවන බවත්ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More