කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මුතුරාජවෙල රක්ෂිත අභය භූමි කලාපය තුළ අනවසර ඉදිකිරීම් සිදුකිරීම, වැලි ගොඩදැමීම, ඉඩම් කට්ටි කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැළැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර ඇති බව වාර්තාවේ.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් අද (12) කැඳවනු ලැබ තිබුණි.
එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ එම පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 26 වන දා කැඳවන ලෙසය.
පෙත්සම් වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, පොලිස්පතිවරයා, වත්තල හා ජා ඇළ ප්‍රාදේශීය ලේකම්වරු ඇතුළු පිරිසක් නම්කර ඇති බව වාර්තාවේ.
කාදිනල් හිමිපාණන් ඇතුළු පෙත්සම්කරුවන් කියා සිටින්නේ, මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ සිදුවන නීතිවිරෝධී ඉදිකිරීම්, වැලි ගොඩදැමීම් ,ඉඩම් කට්ටි කිරීම වැනි නීතිවිරෝධී ක්‍රියා නිසා එහි ජෛව පරිසර පද්ධතියට දැඩි හානියක් සිදු වී ඇති බවය.
ඒ අනුව එවැනි නීතිවිරෝධී ක්‍රියා සිදුවීම වැළැක්වීමට පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරුවන් මුතුරාජවෙල සංරක්ෂිත කලාපය යළි මිණුම් ගත කර ඒ සඳහා නව මායිම් සකස් කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම මගින් ඉල්ලා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...