දේශීය පුවත්

අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ ආණ්ඩුව සමඟ ගැටලු පවතින පසුබිමක වුවද ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් සුදානම් නොමැති බවයි.

බිම් මට්ටමේ නිදහස් පක්ෂ සාමාජිකයන්ට මුහුණදීමට සිදුව ඇති ගැටලු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ නායකයින් සමඟ සාකච්ඡා කර විසඳුම්වලට එළඹීමට කටයුතු කරණ බව මහින්ද අමරවීර අමාත්‍යයවරයා වැඩිදුරටත් පවසා සිටියේය

“ඇත්ත ගැටලුවක් තියෙනවා . එය නෑ කියන්න බෑ. ප්‍රධාන වශයෙන් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම්වලට ක්‍රියාකාරිකයින්ට ආණ්ඩුවේ පාර්ශවකරුවන් විදියට සලකන්නේ නැති එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. විවිධ කට්ටිය විවිධ දේ කිව්වත් පක්ෂයේ ප්‍රධානීන් එහෙම දෙයක් කිව්වේ නෑනේ. අපි බලපොරොත්තු වෙන්නේ ජනාධිපති හා අගමැතිතුමා ඇතුළු ප්‍රධානීන් එක්ක සියලු දේවල් සාකච්ඡා කරන්න .“ යනුවෙන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More