දේශීය පුවත්

කෙරවලපිටියේ පිහිටි යුග ධනවි බලාගාරයේ රජයට අයත් කොටස් වලින් 40%ක් ඇමරිකාවේ පිහිටි සමාගමකට විකිණීමට මුදල් අමාත්‍යංශය මූලික ගිවිසුම් අත්සන් කර ඇත. මෙයට කලින් රජයේ කොටස්වලින් 51%ක් විකිණීමට අපේක්‍ෂා කළ නමුදු එම අදහස ඉවත් කරගත් රජය තම කොටස්වලින් 11%ක් ඉතිරි කරගෙන සෙසු කොටස් විකිණීමට තීරණය කර ඇත.

ඉහත සඳහන් කොටස් මිලට ගනු ලබන්නේ ඇමරිකාවේ නිව් ෆෝට‍්‍රස් එනර්ජි සමාගම මගිනි. අත්සන් කරන ලද මූලික ගිවිසුමට අනුව පාවෙන ගෑස් ගබඩාවක් ඉදිකෙරෙනු ඇත. එයට සවිකළ නළ මාර්ගයක් මගින් කැලණිතිස්ස සහ යුග ධනවි බලාගාරවලට ගෑස් ඉන්ධන සැපයෙනු ඇත. ඉහත සඳහන් ගනුදෙනුවට අදාළ කැබිනට් පත‍්‍රිකාව මීට දින කිහිපයටක පෙර සකස් කරන ලදී. පත‍්‍රිකාවේ මූලික ස්වරූපයට අනුව ඇමරිකන් සමාගමට විකිණීමට නියමිතව තිබුණේ කොටස් 40%ක් නොව කොටස් 51 කි. බලාගාරයේ කොටස් ඇමරිකාවට විකිණීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු වෘත්තීය සමිතිය බලවත් විරෝධය පළකර තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More