දේශීය පුවත්

කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගයක් වූයේ නැතැයි පවසන්නේ උද්දච් ගුණමකුවන් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යයවරයා පවසා සිටියේ ශ‍්‍රීලනිපය සහය නොදැක්වූයේ නම් පසුගිය මැතිවරණයේදී ජයග‍්‍රහණය සදහා අත්‍යවශ්‍යය ඡන්ද ප‍්‍රමාණය අහිමි වන බවයි.

“අද වන විට පොදු ජන පෙරමුණ ආණ්ඩුවත් කරමින් දේශපාලනයද කරනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුකරණය හෝ දේශපාලනයද කරන්නේ නැහැ.” යනුවෙන් පවසා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංගමයේ හිටපු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බංඩාර මහතා පවසා සිටියේ ආණ්ඩුව සම්බන්ධව කළකිරීමක් නොමැති බවත් තුනෙන් දෙකේ බලයක් සහිත ආණ්ඩුවක් පිහිටවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය පළ කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 14 දෙනා ආණ්ඩුවේ හොඳ දේ වලට සහයෝගය පළ කිරීම අදටත් කරමින් සිටින බවත් ය.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කලකිරීමක නොමැති බව පැවසූ ශාන්ත බංඩාර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අවශ්‍යය සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලීමක් පමණක් කරන බවද පවසා සිටියේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ජේෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහන ලක්ෂ්මන් පියදාස මහතා පවසා සිටියේ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලබාගත් ඡන්ද ලක්ෂ 17 කට ආසන්න ඡන්ද ප්‍රමාණය නොතිබුනා නම් මේ ආණ්ඩුව පිහිටවිය නොහැකි බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More