ආණ්ඩුවේ ප්‍රබල දේශපාලඥයෙක් හා ව්‍යාපාරිකයෙකු විසින් සුරාබදු සඳහා වන ගෙවීම පැහැර හරිමින් රුපියල් කෝටි දහසකට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයට අහිමි කර ඇතැයි දුෂන විරෝධී හඬ සංවිධානයේ වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
මෙම දේශපාලනඥයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරමින් සිටින අයෙකු බවත් වසර 6කට අධික කාලයක් තිස්සේ තිස්සේ ඔහුගේ ඉස්කාගාරය හරහා රජයට ගෙවිය යුතු සුරා බදු මුදල රුපියල් කෝටි 200ක් බවත් ඊට අදාල ප්‍රමාද ගාස්තු රුපියල් කෝටි 200 ඉක්මවන බවත් ඒ අනුව ගෙවිය යුතු මුළු මුදල රුපියල් කෝටි පන්සීයකට ආසන්න බවත් ඒ මහතා පැවසීය.
එමෙන්ම මහබැංකු වංචාවට චෝදනා ලැබූ අර්ජුන ඇලෝසියස්ට අයත් මෙන්ඩිස් මත්පැන් සමාගම හරහා ද රජයට ගෙවිය යුතු රුපියල් කෝටි 500ක බදු මුදලක් ගෙවීම් පැහැර හැර ඇති බව ද ඔහු පැවසීය.
නීතිය අනුව සුරාබදු දින පහළොවෙන් පහලවට අදාල නිෂ්පාදන මත ගෙවිය යුතු වුවද දැන් සිදුවෙමින් පවතින්නේ ආණ්ඩුවට හිතවතුන්ගේ බදු බර නිදහස් කර සියලු බදු බර අහිංසක ජනතාව මත පැටවීම යයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...